Skrill යනු තවත් එක් අන්තර්ජාල බැංකු ගිණුමකි. අන්තර්ජාලයේ විවිධ web අඩවි මගින් උපයනු ලබන මුදල් අපගේ බැංකු ගිණුමට ගෙන්වා ගැනීමට මෙවැනි ගිණුමක් අපට අත්‍යවශ්‍ය වේ. මෙවැනි තවත් web අඩවි විශාල සංඛ්‍යාවක් ඇති අතර, ලංකාවට මුදල් ගෙන්වා ගැනීමට මෙම web අඩවිය පහසුකම් සලසන නිසා මෙහි ලියාපදිංචි වීම වැදගත්ය.
ඒ අනුව ඔබගේ බැංකු ගිණුමට මුදල් ලැබෙනුයේ මේ ආකාරයටය.
ඒ අනුව ඔබගේ බැංකු ගිණුමට මුදල් ලැබෙනුයේ මේ ආකාරයටය.
අන්තර්ජාලයෙන් මුදල් උපයන web අඩවිය >>> ඔබගේ Skrill ගිණුම >>> බැංකු ගිණුම (BOC Recommended)
Skrill පිළිබදව සරල හැදින්වීමක්
Skrill account එකක register වීම සදහා ඔබට අවශ්‍යය වන්නේ email ලිපිනයක් පමණි. එසේනම් පහත පරිදි ගිණුම සාදා ගනිමු.
Skrill account registration Page එකට යන්න මෙතැන click කරන්න . එවිට ඔබට පහත ආකාරයේ වෙබ් පිටුවක් දර්ශනය වේවි .
දැන් ඔබ ඔබේ email ලිපිනය හා Password (මුරපදයක්) ඇතුලත් කරන්න. හොද ශක්තිමත් password එකක් යොදාගන්න ,simple ,capital letters, numbers ,special symbols ඇතුළුව. දැන් next කර ඊලග පියවරට ඇතුළුවන්න දැන් ඔබට පහත ආකාරයේ වෙබ් පිටුවක් ලැබේවි.
මෙහිදී ඔබගේ නම හා උපන්දිනය නිවැරදිව ඇතුලත් කරන්න.
උදා:- ඔබගේ නම ජයසේකර අප්පුහාමිලාගේ සදුන් ප්‍රසාද් ජයසේකර නම් first name ලෙස sandun ද surmane ලෙස jayasekara ද ලබාදෙන්න. දැන් next කර ඊලග පියවරට ඇතුළුවන්න දැන් ඔබට පහත ආකාරයේ වෙබ් පිටුවක් ලැබේවි .
මෙහිදී ඔබගේ address එක නිවැරදිව ඇතුලත් කරන්න ,මොකද ඔබට address verify කිරීමට සිදුවෙනවා. postal code එක නොදන්නේ නම් මෙතනින් සොයාගන්න. උදාහරණයේ පරිදි එය අංක පහකින් යුක්තයි .ඔබගේ postal code එකද නිවැරදිව සදහන් කරදැන් next කර ඊලග පියවරට ඇතුළුවන්න දැන් ඔබට පහත ආකාරයේ වෙබ් පිටුවක් ලැබේවි.
දැන් ඔබ සාර්ථකව skrill account එකක් සාදාගන අවසානයි. දැන් ඔබගේ email එක වෙත ගොස් Skrill වෙතින් ඒවා ඇති email එක මගින් ඔබගේ email address එක verify කරගන්න .(එහි ඇති ලින්කුව click කරන්න) , දැන් ඔබට ඔබගේ skrill account එකට log විය හැකිය. ඔබගේ skrill account එක මේ ආකාරයෙන් දිස් වේවි .
දැන් ඔබ skrill account එක verify කරගන ගනුදෙනු කරගැනීමට හැකි ආකාරයට සකසා ගත යුතුය. දැන් ඔබ account settings වලට යන්න ,ඔබට පහත ආකාරයෙන් account settings බලාගන්න පුළුවන් ,ඔබට අවශ්‍යනම් ඔබගේ password වෙනස් කරගනීමට පුළුවන්. දැන් ඔබගේ address කියන තැන verify address click කරන්න එවිට ඔබ skrill එකට ලබාදුන්නා ලිපිනයට ඔබගේ ලිපිනය තහවුරු කිරීමට තැපැල් මගින් code එකක් සහිත ලිපියක් ලැබේවි. මෙම ලිපිය ලැබෙන්න දින 15-30 වගේ කාලයක් ගත වේවි. දැන් ඔබට ලැබුන code එක ඇතුලත් කර ඔබගේ address verify කරගන්න පුළුවන්.
එසේම ඔබගේ phone number verify කිරීමද ඔබට කරගත හැකිය.එහිදී ඔබගේ phone number එකට Skrill මගින් code එකක් SMS මාර්ගයෙන් එවනු ලබනවා එම code එක සදහන් කිරමෙන් ඔබගේ phone number ද verify කරගැනීමට හැකියාව ලැබෙනවා.
බැංකු ගිණුමේ තොරතුරු ඇතුලත් කරමු.
ඔබට දැන් ඔබගේ බැංකු ගිණුමේ විස්තර ඇතුලත් කරගන්න පුළුවන් ,ඒ සදහා cards and bank accounts මත click කරන්න .එවිට පහත ආකාරයෙන් ඔබට window එකක් ලැබේවි ,එහිදී ඔබගේ බැංකු ගිණුමේ තොරතුරු නිවැරදිව ඇතුලත් කරන්න. Swift code නොදන්නේනම් මෙතන click කර ලබාගන්න.
උදා :- ලංකා බැංකු (BOC) සදහා BCEYLKLX131 යන swift code එක ඇතුලත් කරන්න.සැමවිටම BOC ගිණුමක් බාවිතා කරන්න. ඩොලරයට වැඩිම අගයක් ලබාදෙන නිසා මහන්සියෙන් හම්බකරපු සල්ලි අතරමැදියන්ට දෙන්න උවමන නෑ.
මුදල් ඔබගේ බැංකු ගිණුමට Withdraw කිරීම.
withdraw money කියන Tab එක මත click කරන්න එවිට ඔබගේ withdraw methods ටික බලාගන්න පුළුවන් ඔබ bank එකට සල්ලි ගෙන්වනම් ඔබගේ account number යොදා අදාළ මුදල යොදා ගනුදෙනුව තහවුරු කරන්න ඔබගේ මුදල දින 2-5 අතර කාලයකදී බැංකු ගිණුමට ලැබේවි. eZ cash හරහාද මුදල් ලබාගත හැකි වුවද, එය අවාසිදායක නිසා කෙලින්ම බැංකු ගිණුමට මුදල් ලබාගන්න. රු 5000 අඩු මුදලක් ලබා ගැනීමේදී නම් වාසිසහගත වේ.
ඔබට කිසියම් හෝ ගැටළුවක් වෙතොත් contact form හරහා අපවෙත යොමුකරන්න.