සුබදවසක් හැමෝටම. මම කලින් ලිපියෙන් කතාකලේ කොහොමද Clixsense වලට Sign up (Register) වෙන්නේ කියල. හුග දෙනෙක් register වෙලා තිබ්බා. ඒහින්ද register වීම ගැන ගැටළුවක් නෑ කියල මම හිතනවා. ඒවගේම හැමෝම වගේ click කරලා යම් අදායමක් උපයල තිබුනු බවත් පෙනුනා. දැන් ඔයාලට පුංච් ගැටළුවක් ඇති කියල මට හිතෙනවා. අදායම මදිවගේ කියල හිතෙනවද? දිගටම කියවගෙන යන්නකො. මං හිතන විදිහට අද article එක තමා වැදගත්ම එක වෙන්නෙ. මොකද අද කියල දෙන්න යන්නේ කොහොමද මේ සුළු අදායම මහා විශාල අදායමක් කරගන්නේ කියල සහ මාසයකට දැනෙන ගානක් හොයාගන්නේ කොහොමද කියල. ඔයාල දැනට දන්නේ click කිරීම මගින් මුදල් සෙවීම පමණයි. එත් මේ ක්‍රම මගින් අදායම මහා විශාල ලෙස වැඩිකරගන්න ඔයාලට පුළුවන්. එහෙනම් බලමු මේ ක්‍රම ටික මොනවද කියල.
1. Advertisement click කිරීමෙන් හෝ නැරබීමෙන් මුදල් ඉපයීම.
ඔයාල දැනටමත් දන්නා ක්‍රමය තමයි advertisement නැරබීම මගින් මුදල් සෙවීම.ඉතින් මේ දැන්වීම් නැරබීම මගින්ම තවත් ටිකක් අදායම වැඩි කරගන්න අපිට පුළුවන්. අපි මෙහෙම හිතුවොත්, අපිට ලැබෙන දැන්වීම් ප්‍රමාණය වැඩි කරගත්තොත් අදායම වැඩි වෙනවා නේද? ඔව් එක අපිට කරන්න පුළුවන්. මේකට තියෙනවා පොඩි Addon එකක් එහෙමත් නැත්නම් Extension එකක්. මේක වෙබ් අඩවිය මගින්ම ලබාදෙන එකක්. අපිට තියෙන්නේ මේක අපේ browser එකට install කරගන්න තමයි. එතකොට අපි clixsense එකට log වෙලා හිටියේ නැතත් අලුතින් advertisement එකක් ලැබුනොත් අපිට ඒක alert එකක් මගින් දන්වනවා. මේ විදිහට අපිට දවස පුරාම ලැබෙන advertisement කරලා $0.3 පමණ සොයාගන්න පුළුවන්. (මේ ඔබ ඔබේ ads දිනකට කිරීමෙන් ලැබෙන අදායම මතක තබාගන්න ). $0.3 යනු ශ්‍රීලංකා මුදලින් රුපියල් 50 පමණ වේ. එනම් මසකට ආසන්න වශයෙන් ads click කිරීමෙන් පමණක් රුපියල් 1500 ක පමණ මුදලක් ඔබට උපයාගත හැක.
- Clixaddon එක install කර ගැනීම
මේ සදහා ඔබේ clixsense account වෙත log වී පහත රූපයේ ඇති buttonය click කරන්න.
එවිට ඔබ පහත රූපයේ පරිදි page යකට පිවිසේ.
මෙයින් ඔබගේ browser වර්ගය තෝරා එය click කරන්න. ඉන්පසු ''Add extension'' click කර addon ය install කරගන්න.
2. Direct Referrals ල ලබාගැනීම මගින් අදායම unlimited කරගැනීම.
වෙනත් අයව තම Referral ලින්ක් එක හරහා තම account එකට referral කෙනෙක් ලෙස එකතුකර ගැනීම මගින් අදායම දෙගුණ තෙගුණ කරගත හැකිය. ඇත්තෙන්ම මෙහි අදායම අසීමිතය. මන්ද ඔබේ Referral වරුන් Ads click කරන විට මුදලින් කොටසක් ඔබටත් ලැබේ. Standard මට්ටමේදී එය එක් ad click එකක් සදහා $0.0001 to $0.002 අතර අගයක් ගන්න අතර Premium මට්ටමේදී එය $0.0001 to $0.004 මුදලක් වේ. මේ අනුව සරල අදායම් ගණනය කිරීමක් පහත දැක්වේ.
Premium මට්ටමේදී දල අදායම එක referral click එකකින් $0.003 යයි සිතමු.
සාමාන්‍යයෙන් දිනකට Ads 20ක් Referral මගින් click කලහොත්, දිනක referral click අදායම $0.003 x 20 = $0.06
මාසයක් තුල එක් referral කෙනෙකුගෙන් ලැබෙන අදායම= $0.06 x 30 = $1.8
ඔබ සතුව referral 100 දෙනෙකු සිටියහොත් ඔබගේ මාසික අදායම= $1.8 x 100 = $180 (ආසන්නව රු 26099.10)
ඔබට referrals 500, 1000 හෝ 10000 ක් සිටියෝතින් ඔබගේ අදායම කෙසේද යන්න ඔබම ගණනය කර බලන්න.
3. ClixGrid click කිරීමෙන් වාසනාව උරගා බැලීම (Win $0.1 -$10)
මෙය හරියට ලොතරැයියක් වගේ. කොටස් වලට බෙදූ පින්තුරයක් මෙහි ඇති අතර එහි යම් කොටුවක දිනුමක් ඇත. එය $0.1-$10 අතර දිනුමකි. ඔබට මෙම කොටු click කිරීමෙන් තම වාසනාව උරග බැලිය හැක. standard මට්ටමේදී වාර 30ක්ද premium මට්ටමේදී වාර 60ක්ද ඔබට හිමිවේ.
4. Survey, Offers සහ Tasks කිරීම මගින් තවත් මුදල් උපයමු.
Survey, Offers සහ Tasks කිරීමෙන් ආදායම තවත් වර්ධනය කරගත හැක. මේවා micro jobs හෝ mini jobs ලෙසද හදුන්වයි. දී ඇති උපදෙස් අනුව task, survey, offers කිරීමෙන් සාර්ථකව අවසන්කල පසු ඔබට $0.01-$0.08 වැනි මුදලක් හෝ ඊටත් වැඩි මුදලක් එක් micro job එකකින් උපයාගත හැක. අවම වශයෙන් micro jobs කිරීමෙන් දිනකට $1ක්වත් ඔබට උපාය ගතහැක. මහන්සිවී වැඩ කළහොත් ඔබට $30 මසකට micro jobs මගින් පමණක් උපයාගත හැක. එය රුපියල් 4300 කට අධික මුදලකි.
උදාහරණ:-
උදාහරණ:-
5. Account එක upgrade කර ගැනීමෙන් අදායම තව තවත් වැඩි කරගමු.
ඔබ අලුතින් account එකක් ආරම්බකල විට එය පවතිනුයේ standard මට්ටමේය. මෙය ඔබට premium account එකකට upgrade කිරීම මගින් අදායම දෙගුණ තෙගුණ කරගත හැක. මේ සදහා ඔබට $17 වැයවේ. ගෙවීම් Paypal, Payza, Netletter හෝ Paytoo යන ඕනෑම online payment system එකක් මගින් කල හැක. Upgrade කිරීම වසරක කාලයකට වලංගු වේ. (වෙනත් වෙබ් අඩවියන් හා සසදන විට මෙය ඉතා සුළු මුදලක් වේ.) සල්ලි හොයන්න සල්ලි විසිකරන්න ඕනේ කියල කතාවක් අහල ඇතිනේ. ඉතින් $17 ගෙව්වට පාඩු නෑ. $17ක් වෙනුවට $15ක් වැයකරලා හෝ නිකන් account එක upgrade කරගන්නේ කොහොමද කියල මං පස්සේ කියන්නම්.
6. Account එක upgrade කිරීමෙන් ලැබෙන අනෙකුත් වාසි.
ඔබ premium account එකකට upgrade කලවිට ඔබට දිනකට ලැබෙන ads ප්‍රමාණය දෙගුණයකින් පමණ වැඩි වේ. Ads ප්‍රමාණය වැඩිවිම යනු ඔබගේ අදායම වැඩිවීමයි. ඇතැම් advertisers ල click හෝ නැරබීමට ads ලබාදෙනුයේ premium members ලට පමණි. මන්ද premium members වෙත upgrade කල අයට මිලදීගැනීමේ හැකියාවක් ඇති බව ඔවුන් සිතයි. මෙය ඔවුන්ගේ ව්‍යාපාරයට වාසිසහගත නිසා, ඔවුන් තම ඇඩ්ස් premium members වෙත පමණක් ප්‍රදර්ශනය කරයි. එම නිසා premium වෙත තම account එක upgrade කිරීම ඉතාමත් වාසිසහතය.
Referral signup commission වැඩිවීම. (ඔබ referral කෙනෙකු ඔබගේ referral link එකට එක හරහා බදවාගත් විට ඔබට කොමිස් මුදලක් ලැබේ). මෙම කොමිස් මුදල standard මට්ටමේදී ඔබගේ account එකට බැර වනුයේ එම referral වරයා $10 සෙවූ පසුය. එම කොමිස් මුදල $1 කි. ($1.00 after referral earns a total of $10).
Referral signup commission වැඩිවීම. (ඔබ referral කෙනෙකු ඔබගේ referral link එකට එක හරහා බදවාගත් විට ඔබට කොමිස් මුදලක් ලැබේ). මෙම කොමිස් මුදල standard මට්ටමේදී ඔබගේ account එකට බැර වනුයේ එම referral වරයා $10 සෙවූ පසුය. එම කොමිස් මුදල $1 කි. ($1.00 after referral earns a total of $10).
එහෙත් ඔබ premium member කෙනෙකු නම් එම referral $5 සෙවූ විට ඔබට $2ක් කොමිස් මුදල් ලෙස ලැබේ.
ඔබ premium මට්ටමේද,ඔබට referral 100ක් සිට ඔවුන් සියල්ල premium වෙත තම account upgrade කලේ
යයි සිතන්න. එක අයෙකුගෙන් $2 බැගින් 100ට $200ක් කොමිස් මුදල් ලෙස ඔබට ලැබේ.
ආදායම වැඩිවෙන තවත් විදි ඊලග ලිපියෙන් බලමු.